දහම් කරුණු

ඔබට අවශ්‍ය දහම් කරුණු සරලව ලබා දීම සිදු කරණු ලැබේ.

දස පාරමිතා




දෙවන වර්ගයේ දහම් කරුණු
    01.   ප්‍රධාන භාවනා වර්ග 02
·         සමථ භවනාව
·         විදර්ශනා භාවනාව
   02.   අත්හළ යුතු අන්ත 02
·         කාම සුකල්ලිඛානු යෝගය
·         අත්තකිලමතානු යෝගය
   03.   ප්‍රධාන චාරිකා වර්ග 02
·         තුරිත චාරිකා
·         අතුරිත චාරිකා
   04.   අග්‍ර ශ්‍රාවකයෝ
·         සැරියුත්
·         මුගලන් මහ රහතන් වහන්සේලා
   05.   අග්‍ර ශ්‍රාවිකාවෝ
·         ඛේමා
·         උප්පලවණ්ණා තෙරණිවරු
   06.   භාවනා කිරීමේදී වාඩිවන ආකාරය
·         පිරිමි - බද්ධ පර්යංකය
·         ගැහැණු - අර්ධ පර්යංකය
   07.   බුදු සසුනේ පළමු උපාසකවරු කවුද? (ද්වේවාචික)
·         තපස්සු
·         භල්ලුක
   08.   ද්විවිධ දිට්ඨි
·         සම්මා දිට්ඨි
·         මිත්‍යා දිට්ඨි
   09.   ද්විවිධ පරිණිර්වාණ ධාතු
·         සෝපාදිසේස
·         අනුපාදිසේස
   10.   ද්විවිධ දේශනා
·         සම්මුති දේශනා
·         පරමාර්ථ දේශනා
   11.   දෙවැදෑරුම් මිත්‍යා දෘශ්ටිය
·         ශාස්වත වාදය
·         උච්ඡේද වාදය


තෙවන වර්ගයේ දහම් කරුණු

  01.   ත්‍රිවිධ රත්නය
·         බුද්ධ
·         ධම්ම
·         සංඝ
  02.   ත්‍රිවිධ බෝධි
·         බුදු
·         පසේ බුදු
·         මහරහත්
  03.   ත්‍රිවිධ ශික්ෂා
·         සීල
·         සමාධි
·         ප්‍රඥා
  04.   තිදොර
·         සිත
·         කය
·         වචනය
  05.   ත්‍රිවිධ තණ්හා
·         කාම තණ්හා
·         භව තණ්හා
·         විභව තණ්හා
  06.   ත්‍රිලක්ෂණය
·         අනිත්‍ය
·         දුක්ඛ
·         අනාත්ම
  07.   ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා
·         දාන
·         සීල
·         භාවනා
  08.   ත්‍රිවිධ දානය
·         ආමිස දාන
·         ධර්ම දාන
·         අභය දාන
  09.   ත්‍රිවිධ නිමිති
·         ජරා
·         ව්‍යාධි
·         මරණ
  10.   තුන් සූත්‍රය
·         රතන සූත්‍රය
·         මංගල සූත්‍රය
·         කරණීයමෙත්ත සූත්‍රය
  11.   ත්‍රිපිටකය
·         විනය පිටකය
·         සූත්‍ර පිටකය
·         අභිධර්ම පිටකය
  12.   ත්‍රිවිධ ඥාණ
·         පුබ්බේ නිවාසාණුස්සති ඥාණය
·         ආසවක්‍ය ඥාණය
·         චුතුපපාත ඥාණය
  13.   ත්‍රිවිධ පාරමිතා
·         පාරමී
·         උප පාරමී
·         පරමත්ත පාරමී
  14.   ත්‍රිවිධ චෛත්‍ය
·         ශාරීරික
·         පාරිභෝගික
·         උද්දේසික
  15.   මාරදූවරු
·         තණ්හා
·         රතී
·         රඟා
  16.   ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා
·         දාන
·         ශීල
·         භාවනා
  17.   ත්‍රිවිධ අකුසල මූල
·         ලෝභ
·         ද්වේශ
·         මෝහ
  18.   ත්‍රිවිධ බන්ධූන්
·         මව
·         පියා
·         මිතුරා
  19.   සිදුහතුන්ගේ මාලිගා තුන
·         රම්‍ය
·         සුරම්‍ය
·         සුභ
  20.   ත්‍රිවිධ කර්ම
·         කාය කර්ම
·         වචී කර්ම
·         මනෝ කර්ම




සිව්වන වර්ගයේ දහම් කරුණු

  01.   චතුරාර්ය සත්‍යය
·         දුක
·         දුකට හේතුව
·         දුක නැති කිරීම
·         දුක නැති කිරීමේ මාර්ගය
  02.   සතර මාර්ග ඵල
·         සෝවාන්
·         සකෘදාගාමි
·         අනාගාමී
·         අරහත්
  03.   සතර සංග්‍රහ වස්තු
·         දානය
·         ප්‍රිය වචනය
·         අර්ථ චර්යාව
·         සමානාත්මතාව
  04.   සතර සතිපට්ඨානය
·         කායානුපස්සනා
·         වේදනානුපස්සනා
·         චිත්තානුපස්සනා
·         ධම්මානුපස්සනා
  05.   සතර බ්‍රහ්ම විහරණ
·         මෙත්තා
·         කරුණා
·         මුදිතා
·         උපේක්ඛා
  06.   සතර කමටහන්
·         බුද්ධානුස්සති
·         මෙත්තානුස්සති
·         අශුබානුස්සති
·         මරණානුස්සති
  07.   චතුරාංගනී සේනාව
·         ඇත්
·         අස්
·         රිය
·         පාබල සේනා
  08.   සතර සම්‍යග් වීර්ය
·         උපන් අකුසල් නැති කිරීම
·         උපන් කුසල් දියුණු කිරීම
·         නූපන් අකුසල් නූපදවීම
·         නූපන් කුසල් ඉපදවීම
  09.   සතර අගති
·         ඡන්දය
·         දෝශය
·         භය
·         මෝහය
  10.   සතර මහා භූතයෝ
·         පඨවි
·         ආපෝ
·         තේජෝ
·         වායෝ
  11.   සතර ඕග
·         කාමෝග
·         භවෝග
·         දිට්ඨෝග
·         අවිජ්ජෝග
  12.   උප්පත්ති සතර
·         අංඩජ
·         ජලාබුජ
·         සංසේදජ
·         ඕපපාතික
  13.   කර්මය විපාක දෙන කාල සතර
·         දිට්ඨ ධම්මවේදනීය
·         උපපජ්ජවේදනීය
·         අපරාපරිය වේදනීය
·         අහෝසි කර්ම
  14.   කළ්‍යාණ මිත්‍රයන් සතර
·         උපකාරක
·         සමාන සුඛ දුක්ඛ
·         අත්තක්කායි
·         අනුකම්පක
  15.   ඇසුරු නොකළ යුතු මිතුරන්
·         අඤ්ඤදත්ථුහර
·         වචීපරම
·         අනුප්පියභානී
·         අපාය සහායක
  16.   සතර පරමාර්ථ ධර්ම
·         චිත්ත
·         චෛතසික
·         රූප
·         නිබ්බාන
  17.   වචනයේන සිදු වන අකුසල්
·         බොරුකීම
·         කේලාම් කීම
·         හිස් වචන කීම
·         පරුෂ වචන කීම
  18.   සිව්වනක් පිරිස
·         භික්ෂු
·         භික්ෂුණී
·         උපාසක
·         උපාසිකා
  19.   කර්මය විපාක දෙන සතර ආකාර පිළිවෙළ
·         ගරුක
·         ආසන්න
·         ආචින්න
·         කටත්තා
  20.   සිවුපසය
·         චීවර
·         පිණ්ඩපාත
·         සේනාසන
·         ගිලානප්‍රත්‍ය
  21.   කර්මයෙන් කෙරෙන සතර ආකාර කටයුතු
·         ජනක
·         උපත්ථම්භක
·         උපපීඩක
·         උපඝාතක
  22.   සිව් බඹ විහරණ
·         මෙත්තා
·         කරුණා
·         මුදිතා
·         උපේක්ඛා
  23.   සතර සම්පත්
·         උට්ඨාන සම්පදා
·         ආරක්ඛ සම්පදා
·         කල්‍යාණ සම්පදා
·         සමජීවිකතා
  24.   අපාය මුඛ සතර
·         ස්ත්‍රී ලෝලයෙකු වීම
·         සුරා ලෝලයෙකු වීම
·         දූකෙළි ලෝලයෙකු වීම
·         පවිටු මිතුරන් ඇසුර
  25.   සතර වරම් දෙවිවරු
·         ධුතරාෂ්ඨ
·         විරූඪ
·         විරූපාක්ෂ
·         වෛශවණ
  26.   සතර වැදෑරුම් පුරුෂාර්ථ
·         ධර්ම
·         අර්ථ
·         කාම
·         මෝක්ෂ
  27.   සතර සංවර ශීලය
·         ප්‍රාතිමෝක්ෂ
·         ඉන්ද්‍රීය
·         ආජීව පාරිශුද්ධ
·         ප්‍රත්‍ය සන්නිශ්‍රිත
  28.   සතර අපායන්
·         නිරය
·         තිරිසන්
·         ප්‍රේත
·         අසුර
  29.   සතර මහා බුදුවරු
·         කකුසඳ
·         කෝණාගම
·         කාශ්‍යප
·         ගෞතම
  30.   සතර සෘද්ධිපාද
·         ඡන්දය
·         චිත්ත
·         විරිය
·         විමංසා
  31.   සතර පෙර නිමිති
·         මහල්ලෙක්
·         ලෙඩෙක්
·         මළ කඳක්
·         පැවිදි රුවක්



1 comment:

  1. උදාහරණයක් විදියට පොඩි විස්තරයක් දාන්න පුළුවන් ද, ත්‍රිවිධ බෝධිය කිව්වම ඒකෙ තේරුම ත්‍රිවිධ බෝධිය ගැන පොඩි විස්තරයක්

    ReplyDelete